Robotics

රොබෝ විද්‍යාව

රොබෝ විද්‍යාව යනු මිනිස් සමාජයේ ජීවිතය වර්ධනය කරන , ඉහල ක්ෂමතාවක් හා සහ නිවැරදිත්වයක් සමඟ කාර්යය භාරයන් ඉටු කිරීමට හැකි වශයෙන් සකස් කරන යාන්ත්‍රික උපකරණ , මෘදුකාංග සහ පද්ධති සංවර්ධනය කිරීමේ විෂයවේදීන්ගේ ක්ෂේත්‍රයකි. රොබෝවරුන්ගේ සංකල්ප නිර්මාණ නිෂ්පාදන හා ක්‍රියාත්මක කිරීම් ඇතුලත් ඉංජිනේරු අංශයක් වන රොබෝ විද්‍යාව අද වර්ථමාන ලෝකය තුල තාක්ෂනික විපර්යාසයක් සිදු වීමට හේතු වන මහා විෂයන් අතර නිතර දැක්වෙන විෂය ක්ෂේත්‍රයක් ලෙස පෙනේ. මෙම රොබෝ විද්‍යාවේ පරමාර්ථය වනුයේ මිනිසාට විවිධාකාරයෙන් උපකාර කල හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමයි. වර්තමානයේ මෙම රොබෝ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. තවමත් ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂණයේ දක්නට නොලැබෙන අතර ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් අතර රොබෝ තාක්ෂනය දියුණු මට්ටමින් භාවිතා වේ.

 

රොබෝවරුන්ගේ ඉතිහාසය ප්‍රාචීන සමාජයන්ගේ කලාපයේ ආරම්භ වුවත් , අදාළ වශයෙන් ලිඛිත වාර්ථා සහ සම්පුර්ණ සංවර්ධන 20 වන සියවසෙහි පටන් ගෙන තිබේ . 1920 දී චෙක් මාර්කට් පොතේ දී  ” රොබෝට් ” යන පදය ආරම්භ විය . මේ සමයේදී සයිනස් ෆික්ෂන් ලේඛකයින්සහඉංජිනේරු විශේෂඥ මැදිහත් වීම මඟින් සංකීර්ණ වශයෙන් රොබෝවරුන්ගේ නිර්මාණය සහ සංවර්ධනය ආරම්භ විය . ඒ නිසා රොබෝවරුන්ගේ ඉතිහාසය තවත් වර්ධනයට ලක් වනු ඇත. 1940 වර්ෂයේදී විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙකු වූ ඇසිමෝ විසින් රොබෝවරුන්ගේ හැසිරීම් පිළිබඳ මුලධර්ම 03 ක් ඉදිරිපත් කරන ලදී .

 

එම මුලධර්ම 03 නම් ,

 

  1. රොබෝවරු කිසිවිටකත් මිනිසුන්ට හානියක් නොකළ යුතුයි
  2. රොබෝවරු මිනිසුන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි
  3. රොබෝවරු මිනිසුන්ව ආරක්ෂා කල යුතුයි .

 

මෙම රොබෝ තාක්ෂණය සමඟ අනෙකුත් බොහෝ ක්ෂේත්‍රයන්හි සම්බන්ධතාවක් පවතී. එම ක්ෂේත්‍රයන් ගැන කිවහොත් පරිගණක විද්‍යාව , කෘතීම බුද්ධිය , දත්ත විද්‍යාව , නැනෝ තාක්ෂනය , ගෘහ ඉලෙක්ට්‍රොනික් උපකරණ ආදී නොයෙකුත් ක්ෂේත්‍රයන් සමඟ මෙම රොබෝ තාක්ෂණය සම්බන්ධකම් පවතී .

 

රොබෝ තාක්ෂණයේ වැදගත්කම ගැන කිවහොත් ගෘහස්ථ කර්මාන්ත ශාලා වල රොබෝ කෙනෙකු භාවිතා කිරීම මඟින් එම සිදු කරන සේවා නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම , නිරවද්‍යතාව වැඩි කර ගැනීම මෙන්ම මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ හැකියාව පවතී . බොහෝ අනතුරුදායක හා  සෞඛ්‍යය සම්පන්න නොවන පරිසර තුල වැඩ කිරීමටද මෙම රොබෝවරු භාවිතා කෙරේ . උදාහරණ ලෙස න්‍යෂ්ටික කර්මාන්ත අභ්‍යවකාශ , ආරක්ෂාව , නඩත්තු හා සේවා මේ ආකාරයේ රැකියා ස්ථාන වල සේවා කිරීමට මෙම රොබෝ තාක්ෂනය භාවිතා කිරීමට පුළුවන .

 

වර්ථමානයේ මිනිසුන් නව තාක්ෂනය භාවිතා කිරීම නිසා ඔවුන්ගේ සියලු කටයුතු නව තාක්ෂනය හා බැඳී පවතී . එත් ඒ දියුණුවම මිනිසාගේ ඉරණම තීරණය කිරීමට වැඩි කාලයක් ගත  නොවනු ඇත . ඉදිරි අනාගතයේ කෘතීම බුද්ධිය විසින් මුළු ලෝකයම යටත් කර ගනු ඇත.

ආර් . ඩී කවීෂා සේව්මිණී දිසානායක
9-10 ශ්‍රේණි
පු / සාලිය ජාතික පාසල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − twelve =