Life Sciences

තිරසාර අනාගතයක් උදෙසා හරිත විශ්ව විද්‍යාල සංකල්පය කැලණිය විශ්ව විද්‍යාලය ඇසුරෙන් විමසුමක්

හැඳින්වීම

කැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ  දිස්ත්‍රික්කය  තුළ කොළඹ දිස්ත්‍රික්කයට  මායිම්ව හුදෙක් නාගරික හා තදාසන්න වටපිටාවක පිහිටා ඇත. කැලණිය විශ්ව විද්‍යාලය පීඨ හතකින් හා පශ්චාත් උපාධි ආයතන දෙකකින් සමන්විත වේ. ඒවා නම් විද්‍යා  පීඨය, සමාජ විද්‍යා පීඨය, මානව ශාස්ත්‍ර පීඨය,  වෛද්‍ය පීඨය, වාණිජ්ය හා කළමනාකරණ අධ්‍යන පීඨය, පශ්චාත් උපාධි අධ්‍යන පීඨය, පරිගණක හා තාක්ෂණික පීඨය, පුරා විද්‍යාව  පිළිබද පශ්චාත් උපාධි  අධ්‍යන  ආයතනය සහ  පාලි හා බෞද්ධ  අධ්‍යන පිළිබද පශ්චාත් උපාධි අධ්‍යන ආයතනය වේ. මේ සියලුම අංශ තුළ සියලුම සිසුන් සහ කාර්ය මණ්ඩලය අවම වශයෙන් 100000  ක ප්‍රජාවක් ඇති බව දත්ත අනුව පෙනී යයි.

මේ අයුරින් විශාල ප්‍රජාවක් සිටින කැලණිය විශ්ව විද්‍යාලය තුළ හරිත විශ්ව  විද්‍යාල සංකල්පය පෙරදැරි කොට ගෙන තිරසාර පැවැත්ම වෙනුවෙන් ගෙන ඇති සාධනීය කරුණු මෙයින් ඉදිරිපත් කරනු ලැබේ.

තිරසාර විසඳුම් පිළිබඳ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

කැලණිය විශ්ව විද්‍යාලය, තිරසාර නොවන භාවිතයන් අවබෝධ කර ගනිමින්, එමඟින් ආර්ථිකයට, ආයතනික, සමාජයට සහ පරිසරයට සිදුවන බලපෑම් අවම කිරීමට  ක්‍රියා කිරීම තුළින් තිරසාරත්වයේ මූලධර්මය න්‍යායාත්මකව මෙන්ම ප්‍රයෝගිකවද ප්‍රදර්ශනය කිරීම අරමුණු කිරීමෙහිලා, තිරසාර විසඳුම් පිළිබඳ මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත. පරිසරය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කරමින්, ඍණාත්මක පාරිසරික බලපෑම් වළක්වා, කැලණිය විශ්ව විද්යාල පරිශ්‍රය හරිත පාරිසරික කලාපයක් බවට පත් කිරීම මෙම  මධ්‍යස්ථානයේ මූලික අභිප්‍රාය වී ඇත. ආසියාවේ ප්‍රමුඛතම හරිත විශ්ව විද්‍යාලය බවට පත්වීම ඔවුන්ගේ දැක්මයි. කැලණිය විශ්ව විද්‍යාලයේ මෙම තිරසාර විසඳුම් මධ්‍යස්ථානය මඟින් පහත දැක්වෙන උපායමාර්ගික ක්‍රම භාවිතයෙන්, විශ්ව විද්‍යාල පරිශ්‍රය හරිත පාරිසරික කලාපයක් බවට පත් කිරීමට ඔවුන් ක්‍රියා කර ඇති බව / ක්‍රියා කරමින් සිටින බව / ඉදිරියටත් පියවර ගන්නා බව එම  මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය පෙන්වා දෙයි.
කාර්යක්‍ෂම අවම භාවිතය, නැවත භාවිතය සහ ප්‍රතිචක්තිකරණය (3R) ප්‍රවර්ධනය කිරීම මගින් අපද්‍රව්‍ය උත්පාදනය අඩු කිරීම.
කාබනික අපද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් නිපදවීමේ  ක්‍රියාවලිය  ඇති  කිරීම.
ලෝහ, වීදුරු, ප්ලාස්ටික්/පොලිතීන් සහ කඩදාසි අපද්‍රවය එකතු කර ඒවා විධිමත් ලෙස ලියාපදිංචි ප්‍රතිචක්තිකරණය යන්ත්‍ර හරහා බැහැර කිරීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.

වගකිවයුතු ප්‍රතිචක්තිකරණය කරනු ලබන අංශ මඟින් අඛණ්ඩ ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය  නිසි ලෙස බැහැර කිරීමට පහසුකම් සැලසීම.

• රසායනාගාරවලින් ප්‍රමිතිගත රසායනික අපද්‍රව්‍ය එකතු කිරීම සහ ගබඩා කිරීම ස්ථාපිත කර ලියාපදිංචි සමාගම් වෙත ප්‍රවාහනය කිරීම.
• ජෛව අන්තරායකර අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ස්වයංක්රීය ක්ලේවිං (autoclaving) ක්‍රමය හඳුන්වා දීම.
• නව ඉඳිකිරීම් සහ අලුත්වැඩියා කිරීමේදී තිරසාර ඉදිකිරීම් මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සහ නව ඉඳිකිරීම් වලදී හරිත ගොඩනැඟිලි මූලධර්ම පුහුණු කිරීම.
• කාබන් කළමනාකරණ සැලැස්ම වැනි විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශගුණික විපර්යාස කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම.
• පරිසර හිතකාමී ප්‍රසම්පාදන සැලසුම් හරහා පාරිසරික බලපෑම් අවම කිරීම.
• වාතයට අහිතකර වායූ විමෝචනය සහ ජලයට අපද්‍රවය මුදා හැරීම කළමනාකරණය කිරීම සහ අඩු කිරීම මගින් දූෂණය වැළැක්වීම.
• වැසි ජලය එකතු කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීම.
• විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ වගා කටයුතු සඳහා අපජල එකතු කිරීම, පිරිපහදු කිරීම සහ නැවත භාවිතය ප්‍රවර්ධනය කිරීම.
• බලශක්ති කාර්යක්ෂම භාවිතය ප්‍රවර්ධනය කිරීම.
• ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් වනජීවී වාසස්ථාන නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා විශ්ව විද්‍යාලය කළමනාකරණය කිරීම.
• පාරිසරික අධ්‍යාපනය ප්‍රථමික මෙවලමක් ලෙස යොදා ගනිමින් විශ්ව විද්‍යාල ප්‍රජාව අතර සහ සමාජය තුළ පරිසරය කෙරෙහි ගෞරවනීය හැසිරීම ප්‍රවර්ධනය කිරීම.

දියත් කර ඇති පාරිසරික ව්‍යාපෘති

විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ උපාය මාර්ග හඳුන්වාදීම

කැලණිය විශ්ව විද්‍යාලයේ යක්කඩුවේ ප൦ඥරාම පිරිමි නේවාසිකාගාරයේ නවාතැන් පහසුකම් ලැබූ සිසුන්ගේ ඒක පුද්ගල ජල පරිභෝජනය සහ ජල පරිභෝජන රටාව 2017 වර්ෂයේදී අධ්‍යනය කර ඇත. වසරක් ඇතුළත සිසුන් 320 දෙනෙකුගේ ජල පරිභෝජනය ඝන මීටර 14014 ක් වූ අතර සිසුන්ගේ ඒක පුද්ගල පරිභෝජනය ජලය ඝන මීටර 43.8 විය. ජලයෙන් 65% කට වඩා වැඩි ප්‍රමාණයක් ස්නානය කිරීමේදී භාවිතා කර ඇති අතර 28%ක් සේදීමේ අරමුණු සඳහා භාවිත කර ඇත. ලිනන් රෙදි සේදීම සඳහා බේසම හඳුන්වාදීම, කාන්දු වන කරාම අලුත්වැඩියා කිරීම, ජල ප්‍රවාහ පාලන උපකරණ සවි කිරීම, වැසි ජලය අස්වනු නෙලීම, අපද්‍රව්‍ය පරිත්‍රාගාරයේ පිරිපහදු කළ ජලය ගෙවතු වගාව සඳහා නැවත භාවිත කිරීම සහ ජල සංරක්ෂණය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මඟින් සමස්ත නේවාසිකාගාර පද්ධතිය තුළ සඵලදායී ජලය කළමනාකරණ ක්‍රියාවලියක් කැලණිය විශ්ව විද්‍යාලය තුළ ස්ථාපිත කර ඇත. විශ්ව විද්‍යාල ආපනශාලාවල සහ ශිෂ්‍ය නේවාසිකාගාරවල ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීම. ලන්ච් ෂීට් ඉවත දැමීම භෞමික මෙන්ම ජලජ ජෛව විවිධත්වය ඇතුළු සෑම ආකාරයකම පරිසරයකටම පාහේ බලපාන අතර එය අවට පරිසරය අපිරිසිදු හා අප්‍රසන්න ලෙස පෙනෙන අතර දර්ශනීය සුන්දරත්වය හීන කරයි. ඒවා ගොඩ කිරීම මඟින් බොහෝ පාරිසරික හා සමාජීය ගැටලු ඇති කරයි. පොලිතීන් සහ තුනී ලන්ච් ෂීට් සහ ඒ ආශ්‍රිත දෑ නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා රජය විසින් 2017 සැප්තැම්බර් 01 දින නිකුත් කරන ලදී (අතිවිශේෂ ගැසට් නිවේදන: 01-09-2017 දිනැති අංක 2034/33). තවද මෙම ගැසට් නිවේදනය මගින් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය සහ අනෙකුත් දහනය වන ද්‍රව්‍ය විවෘතව පිළිස්සීම ද තහනම් කර ඇත. ඒ අනුව කැලණිය විශ්ව විද්‍යාලයද මෙම ප්‍රතිපත්තිමය තීරණයට අනුගත වෙමින් විශ්ව විද්‍යාලය තුළ පො ලිතින් සහ ලන්ච් ෂීට් භාවිතය තහනම් කළේය.විශ්ව විද්‍යාලයේ සිටින ප්‍රජාවට අනුව, විශ්ව විද්‍යාල ආපනශාලාවල සහ ශිෂ්‍ය නේවාසිකාගාරවල ආහාර සැපයීම සඳහා සතියකට ලන්ච් ෂීට් 50,000 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ලද බව විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර දත්ත පෙන්වා දෙයි. ආපන ශාලා වල පෝසිලේන් පිඟන් වලින් ආහාර සපයන බැවින් ආපනශාලාවල ලන්ච් ෂීට් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.තිරසාර විසඳුම් සඳහා වූ මධ්‍යස්ථානය විසින් සියලුම ආපන ශාලා තුළ අතිරේක ජල නල පද්ධතියක් සහ මල නොබැඳෙන වානේ සහිත සෝදන බේසම (විශාල) ස්ථාපනය කර ඇත්තේ, පෙර ආපනශාලාවල භාවිතා කරන ලද කුඩා පෝසිලේන් සෝදන බේසම ,පිඟන් හැසිරවීමට සහ පිරිසිදු කිරීමට ප්‍රමාණවත් නොවූ බැවිනි. මෙලෙස අලුතින් ස්ථාපනය කිරීමට තෝරාගෙන ඇති බේසම් භාවිතයෙන් කාර්යක්ෂම ලෙසින් ජලය අපතේ නොයන ලෙස අවම ජල ප්‍රමාණයක් භාවිතයෙන් පිරිසිදු කල හැකිය. එම ක්‍රියාවලිය, ලන්ච් ෂීට් භාවිතය අවම කිරීමට තවත් උත්ප්‍රේරකයක්ද වේ.

රූපය 1: ආපන ශාලා තුළ අතිරේක ජල නල පද්ධතියක් සහ මල නොබැඳෙන වානේ සහිත සෝදන බේසම සවි කර ඇති අයුරු
[මූලාශ්‍ර: කැලණිය විශ්ව විද්‍යාලිය නිල වෙබ් අඩවිය]

විධිමත් ජල කළමනාකරණ ක්‍රමවේදයන්

කැලණිය විශ්ව විද්‍යාලය වගකිවයුතු උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අප ජල එකතු කිරීම, පිරිපහදු කිරීම සහ නැවත භාවිතය ප්‍රවර්ධනය කරයි. විශ්ව විද්‍යාල නේවාසිකාගාරවලින් මුදා හරින අප ජලය පිරිපහදු කර නැවත ගෙවතු වගා කටයුතු සඳහා යොදා ගැනේ. මෙම ටැංකි පද්ධතිය, මානව ශාස්ත්‍ර පීඨය පරිශ්‍රයේ පිහිටුවා ඇත. තවද විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ පැලවලට ජලය දැමීම සඳහා ඉසින ක්රමය, බිංදු ජල සම්පාදන ක්‍රමය වැනි ජල කාර්යක්ෂම ක්‍රම භාවිතා කරයි.

විශ්ව විද්‍යාලයේ වැසි ජලය අස්වනු නෙලිම
වැසි ජලය රැස් කිරිම යනු
විශ්ව විද්‍යාලයේ වැසි ජලය අස්වනු නෙලීම

වැසි ජලය රැස් කිරීම යනු එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජවත් කාර්යයන් සඳහා වැසි ජලය භාවිතා කිරීමේ ක්‍රමයයි. එයට ටබ් හෝ ටැංකි වැනි සරල තාක්ෂණික ක්‍රම හෝ භූගත චෙක් වේලි වැනි වඩාත් සංකීර්ණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් වහල මත සිට වැසි ජලය රැස් කිරීම සහ ගබඩා කිරීම ඇතුළත් වේ. කැලණිය විශ්ව විද්‍යාලය තුළ ජලය අපතේ යෑම අවම කිරීම සහ වැසි ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා වර්ෂා ජලය රැස් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙලෙස ටැංකි වල එකතු වන වැසි ජලය ගෙවතු වගා කටයුතු සඳහා යොදා ගැනේ.

වර්ෂා ජල අස්වනු නෙලීමේ ක්‍රමය 2015 ජූලි 28 වන සිට දින ක්‍රියාත්මක කර ඇත. මෙහි විශාල ධාරිතාවයෙන් යුත් ටැංකි 06 ස්ථාපනය කර ඇත. (ටැංකියක ධාරිතාවය – ලීටර් 10, 000) .
සාමාන්‍ය වැසි කලකදී, මාස පහක කාල පරාසයකදී, වැසි ජලය ලීටර් 945,000 ක් පමණ, මෙම ක්‍රමය නිසා ඉතිරි කර ඇත. මෙලෙස එකතුවන ජලය: කොම්පෝස්ට් අංගනය, පැල තවාන, ගෙවතු වගාව සහ භූ දර්ශන අංශය භාවිතා කරන උපකරණ පිරිසිදු කිරීම සඳහා ජලය එකතු කිරීම භාවිතා කෙරේ.

සූර්ය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම

සූර්ය බලය යනු පෘථිවියේ ප්‍රධානය බලශක්ති ප්‍රභවයයි. වර්තමාන ලෝකය තුළ භාවිත වන අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන් සූර්ය බලයෙන් චක්‍රාව ව්‍යුත්පන්න වූ ප්‍රභවයන් වේ. ගෑස්, ගල් අඟුරු, දැව සහ පෙට්රෝලියම් වැනි අද බහුලව භාවිතා වන බලශක්ති ප්‍රභවයන්, සූර්යයාගෙන් ශක්තිය ලබාගත් ජීව විද්යාත්මක ද්‍රව්‍ය මත පදනම් වී ඇත.

දෛනික ක්‍රියාකාරකම් සඳහා සෘජුවම සූර්ය බලශක්තිය ග්‍රහණය කර ගැනීම, අද වන විට බොහෝ අයවළුන් නිර්දේශ කර ඇත. මන්ද යත්, එය සෑම අංශයකින්ම බොහෝ ප්‍රත්ලභ ලබා දිය හැකි බැවිනි. සම්පත් සඳහා පවතින ඉල්ලුමට එය වඩා හොඳ විකල්පයකි. පරිසර ආරක්ෂණය / දූෂිත නොවන බලශක්ති ප්‍රභවය, අහිතකර, හරිතාගාර වායූන් අඩු කිරීම, ගෝලීය උණුසුම වැඩිවීම නැවැත්වීම, සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීම, හා  බහුලත්වය යනු සූර්ය බල ශක්ති ක්‍රමවේදය තුළ පවතින සුවිශේෂී ලාභයන්ය.

• කැලණිය විශ්ව විද්‍යාලය වෛද්‍ය පීඨයේ සූර්ය බලශක්තිය කුඩා පරිමාණයෙන් භාවිත කිරීම,
• සූර්ය බලශක්තිය මඟින් ආරෝපණය කරන ලද මාර්ග පහන් කණු ස්ථාපනය කිරීම,
• සූර්ය බලශක්තිය මඟින් ආරෝපණය කරන ලද ජංගම දුරකථන නැවත ආරෝපණය කිරීමේ කුටි මුලාශ්‍ර : කැලණිය විශ්ව විද්‍යාලිය නිල වෙබ් අඩවිය

විශ්ව විද්‍යාලයේ බලශක්ති පරිභෝජ්නය අඩු කිරිම සදහා බලශක්ති විගණනයේ නිදර්ශ ක්‍රියාත්මක කිරිම.ස්ථාපනය කිරීම, කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ දක්නට ලැබේ. 2014 දසැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා විශ්ව විද්‍යාල දලුගම පරිශ්‍රරයේ ඇති සියලුම ගොඩනෑගිලි සහ අනෙකුත් පහසුකම් ආවරණය වන පරිදි විදුලි පරිභෝජන රටාව සමීක්ශණය කිරීම සහ විදුලි අපද්‍රවය වායු අපද්‍රවය ප්‍රභවයන් හදුනා ගැනීම සදහා ක්‍රමානුකූල බලශක්ති විගණනයක් සිදු කර ඇත.විශ්ව විද්‍යාල වායුසමිකරන සහ අලෝකකරණය සදහා පිළිවෙලින් 44% සහ 21% පරිභොජනය කර ඇති අතර , බලශක්ති සංරක්ශණ සැලසුම් කිරිමේදී මෙම ශ්‍රේස්ත්රයන්ට ප්‍රමුකත්වය දිය යුතු බව විගණනයේදි පෙන්වා දී ඇත. බලශක්ති පරිභොජනයේ කාර්යක්ශමතාවය ඉහල සදහා මනාව අර්ත දක්වා ඇති ඉලක්ක සහිත නිසි  බලශක්ති කළමනාකරණ සැළැස්මක් මෙමගින් පහත පරිදි නිර්දිශකර ඇත .

  • මිනුම් ස්ථානවල බල සාධකය වැඩි දියුණු කිරීම
  • තනි වායූ සමීකරණ යන්ත්‍ර වෙනුවට, මධ්‍යම වායූ සමීකරණ පද්ධති භාවිත කිරීම
    • සංවෘත කරන ලද අවකාශයන්හි වාතය කාන්දු වීම වැළැක්වීම
    • සිසිලන කුළුණු පද්ධති සඳහා විචල්ය වේග ධාවකයන් හඳුන්වා දීම
    • ආලෝක විමෝචක ඩයෝඩ මූලික කරගත් බල්බ භාවිතය
    • ආරක්ෂිත ලාම්පු සඳහා අකාර්යක්ෂම ලාම්පු වෙනුවට කාර්යක්ෂම ලාම්පු ආදේශ කිරීම
    • ප්‍රජා ශූන්ය අවස්ථාවලදී, බල්බ හා වායූ සමීකරණ යන්ත්ර ක්‍රියා විරහිත කිරීම
    • දිවා කාලයේදී සූර්යාලෝකය කාර්යක්ෂමව භාවිතා කිරීම
    • ආලෝකකරණ පද්ධතියේ අඩුපාඩු මඟහරවා ගැනීම
    • ආලෝකකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
    • ජල පොම්පාගාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
    • කාර්යක්ෂම ජල කරාම ආදිය හඳුන්වා දීම.
    • ආපනශාලා වල උණු වතුර නිෂ්පාදනය සඳහා සූර්ය ජල තාපක හඳුන්වාදීම
    • උප විදුලි මීටර, ජල මීටර සවි කිරීම
    • නිසි දත්ත පටිගත කිරීමේ සහ විශ්ලේෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
    • බලශක්ති සංරක්ෂණ ක්‍රියා මාර්ග සඳහා විශ්ව විද්‍යාල ප්‍රජාවගේ කැපවීම ලබා ගැනීම.
    2015 දී ලබා දෙනු ලැබූ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හමුවේ, අද වන විට විශ්ව විද්‍යාලය විසින් ඉහළ සැලකිය යුතු බලශක්ති කළමනාකරණයක් හා ඉතිරි කිරීමක් සිදු කර ඇත.

කොම්පොස්ට් කීරිම යනු කාබන් සහ නයිට්‍රජන් අතර අනුපාතය සමතුලිත කිරිම හා ශුද්‍ර ජීවී ක්‍රියාකරකම් වැඩිදියුනු කිරිම සදහා ප්‍රමාණවත් වාතය සහ තෙතමනය සැපයිම මගින් ස්වාභාවික වියෝජන සහ අනෙකුත් දිරාපත්වන අපද්‍රව්‍ය ප්‍රතිචක්තිකරණය කිරීමට එය වඩා හොඳ ක්‍රමයකි. කැලණිය විශ්ව විද්‍යාලය, මෙම සියලු අංශ සලකා බලා විශ්ව විද්‍යාල පරිසරය සුන්දර හා යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හා භූ දර්ශන අංශය පරිශ්‍ර වල, කොම්පෝස්ට් නිපදවීමේ මණ්ඩප සාදා ඇත. විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් දෛනිකව එකතු වන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය කෙරේ. විශ්ව විද්‍යාල දත්ත වලට අනුව, දෛනිකව ආසන්න වශයෙන් කිලෝග්රෑම් 350 ක පමණ ඝන අපද්‍රව්‍ය රැස් වන බව පෙන්වා දෙයි. 2015 සිට 2017 දක්වා කාල පරාසය තුළදී , කියුබ් 13 කට ආසන්න කොම්පෝස්ට් පොහොර නිපදවා ඇත.

 

විදුලකර සියනැ හරිත සංග්‍රමය

විදුලක සියනැ හරිත සංග්‍රමය යනු කැළැනිය විශ්ව විද්‍යාලය විසින් අරම්භ කරන ලද ,ගම්පහ දිස්ත්‍රික්කය තුල පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියකී. 2020 වර්ශයෙදි අරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියකි.2020 වර්ශයේදි අරම්භ කරන ලද මෙම ව්‍යපෘතිය මගින් සමස්ත පරිසර ප්‍රජාවට සුවිශේශි දායකත්වයක් ලබා දි ඇත.

විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කීරිමේ දිනය

ඉලෙක්ටෝනික අපද්‍රවය එකතු කිරිමක් 2021 මාර්තු 24 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල පවත්වා ඇත.කැළණිය විශ්ව විද්‍යාලයේ තිරසාර විසදුම් මධ්‍යස්ථානය විසින් එය සංවිධානය විසින් එය සංවිධානය කරන ලදි.මෙලෙස එකතු කරන ලද අපද්‍රව්‍ය නිවැරදි ක්‍රමයට බැහැර කරන ලියාපදිංචි ප්‍රතිචක්තිකරණය කරනු ලබන අයතනයකට භාර දී ඇත. මෙම වයාපෘතිය මගීන් , විශ්ව විද්‍යාල ප්‍රජාව හා අවට ප්‍රජාව තුල විද්‍යුත් අපද්‍රවය කලමනාකරනය පිලීබදව අවබෝදයක් හා දෑනුවත් කිරිමක් ලබා දීම ඔව්න්ගෙ මුලික අභිප්‍රය වී ඇත.

සත්ව හා ශාක වාසස්ථාන කළමනාකරණ වැඩසටහන

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ගහකොළ වැඩි කිරීමටත් සතුන් (උදා: සමනලුන්, මී මැස්සන්, පක්ෂීන් සහ කුඩා ක්ෂීරපායින්) ආකර්ෂණය කර ගැනීමටත් රුක් රෝපණ හා වාසස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. 2015 වසරේ මුල් අර්ධ වාර්ෂිකය තුළදී පළතුරු ශාක 158ක් ද, ඇන්තූරියම් ඇතුළු මල් පැළෑටි වර්ග ද, ඖෂධ පැළෑටි 60ක් සහ අනෙකුත් පැළෑටි වර්ග 300 ක් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ රෝපණය කර ඇත. තවද පක්ෂීන්ට සහ අනෙකුත් ජීවීන්ට ආහාර සැපයීම සඳහා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ එළවළු වගා බිම් කඩක් පවත්වාගෙන යයි.

සමාලෝචනය

කැලණිය විශ්ව විද්‍යාලය තුළ මෙලෙස ප්‍රතිපත්තිමය ලෙස ගෙන ඇති තීන්දු තීරණ හා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩපිළිවෙල ඉතා අගනා හා ප්‍රසංසනිය වේ. තවද මෙලෙස ක්‍රියාත්මක කර ඇති විවිධ ක්‍රියාකාරකම්, වෙනත් රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යාපාර හා ගෘහස්ත පරිසර තුළ ක්‍රියා කිරීම තුළින් තිරසාර අරමුණු පෙරදැරි කර ගෙන හරිත ලොවක් කරා පියමන් නැගීමට මාවත් ඇති කරනු ලබයි.කැලණිය විශ්ව විදයාලය තුල මෙලෙස ප්‍රතිපත්තිමය ලෙස ගෙන ඇති තින්දු තීරන හා ක්‍රියාත්මක කරනු ලබයි

හානිකර වල් පැලෑටි ඉවත් කිරීම

විශ්ව විද්‍යාල පරිසරයේ වාසස්ථාන කළමනාකරණයේ මූලික පියවරක් ලෙස Sphagnaticola trilobata (මීට පෙර Wedelia trilobata ලෙස නම් කරන ලද) විෂ සහිත වල් පැළෑටිය ඉවත් කිරීම සිදු කර ඇත. S. trilobata කහ කරබු ලෙසින් ප්‍රචලිත, ලොව නරකම වල් පැළෑටි 100 න් එකකි. මෙම ශාකය මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ නිවර්තන කලාපවලින් ආසියාවට හඳුන්වා දෙන ලදී. ආක්‍රමණශීලි වර්ධන පුරුද්ද, පාරිසරික ආතතීන්ට ඔරොත්තු දීම සහ ඇලෙලෝකෙමිකල් සංස්ලේෂණය කිරීමේ හැකියාව මෙම වල් පැළෑටියට ඇති අතර වේගයෙන් ආක්‍රමණය කිරීමට සහ ස්වාභාවික පරිසර පද්ධතිවලට සැලකිය යුතු හානියක් කිරීමට ඇති හැකියාවට ද ඇත.

කතිකාචාර්ය ඩබ්.එම්.සී.ජේ.ටී. කිතුල්වත්ත
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යනාංශය
තාක්ෂණික අධ්‍යන පීඨය
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 17 =